Lanka Ride 2026 Day 1 update
කොළඹ සිට මහනුවර දක්වා අද පැවැති Lanka Ride පාපැදි සවාරියේ පළමු අදියර ජයග්‍රහණය කරන්නට යුද හමුදා පාපැදි ක්‍රීඩා සමාජය නියෝජනය කළ අංක 193 න් තරඟ වැදුණු එච්.ඩබ්ලිව්.එම්.එස් පින්තු සමත් වුණා. ඔහුට තරඟයේ පළමු අදියර නිමා කරන්නට ගතවුණු කාලය පැය 2 යි විනාඩි 52 යි තප්පර 41ක්. ඔහු සමග කරට කර තරගයක් ලබා දෙමින් තරග වැදුණු, අංක 195 න් තරඟ කළ යුද හමුදා පාපති ක්‍රීඩා සමාජයේම ඒ.ඩී.එස් පෙරේරාට දෙවන ස්ථානය හිමි වූ අතර, තෙවන ස්ථානය අංක 82 න් තරඟයට පිවිසි ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද හිමි කරගත්තා. අංක 142 න් තරඟ කළ සුරංග රණවීර සිව් වන ස්ථානය සහ අංක 33 න් තරඟ කළ සිතුම් පූර්ණ පස්වන ස්ථානය දිනා ගන්නට සමත් වුණා.
හෙට උදෑසන 9 ට තරඟයේ දෙවන අදියර ගන්නෝරුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි.





