Other Sports

The “2026 Ambassador’s Cup University Badminton Tournament” commences under the patronage of the Chinese Ambassador.

The “2026 Ambassador’s Cup University Badminton Tournament” commences under the patronage of the Chinese Ambassador.
  • PublishedNovember 21, 2026

චීන තානාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් “2026 තානාපති කුසලාන විශ්ව විද්‍යාල බැඩ්මින්ටන් තරගාවලිය” ඇරඹේ..

2026 තානාපති කුසලාන ආරාධිත විශ්ව විද්‍යාල බැඩ්මින්ටන් ශූරතාවලිය අද(20) කොළඹ විශ්ව විද්‍යාලයේදී නිල වශයෙන් ආරම්භ වුනා.ශ්‍රී ලංකාව පුරා විශ්ව විද්‍යාල 15 නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩකාවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර තරගාවලියට එක්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාන්සියැං , විශ්ව විද්‍යාල බලධාරීන්, පීඨ සාමාජිකයින් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා. විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ බැඩ්මින්ටන් තරග කීපයකට සහභාගී වෙන්නටත් චීන තානාපතිතුමන් එහිදී අමතක කළේ නැහැ.
තරඟයකට වඩා, තානාපති කුසලානය ක්‍රීඩාශීලීත්වය, තාරුණ්‍යය සහ මිත්‍රත්වය සැමරීමක් බවත්,සෑම පහරක්ම, සෑම රැලියක්ම සහ සෑම ලකුණක්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගී බැඳීම තව තවත් සමීප කරවන බවත් චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.