Lanka Ride පාපැදි සවාරිය ඇරඹෙයි…
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16දා) උදෑසන 9 ට ලේක් හවුස් ආයතන ඉදිරිපිට දී ආරම්භ කෙරුණා.
එහි සමාරම්භක අවස්ථාවට මහා මාර්ග ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් හා ලේක් හවුස් ආයතනයේ නිලධාරීන් එක්ව සිටියා.
පාපැදී සවාරිය සමාරම්භක අවස්ථාවට සහභාගී වූ මහා මාර්ග ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යය බිමන් රත්නායක මහතා පැවසුවේ, රට යන රේස් එකට Lanka Ride නව ජවයක් එකතු කරන බවයි. රට සංවර්ධනය වෙමින් නව දිශානතියකට ගමන් කරන මොහොතක Lanka Ride පාපැදි සවාරිය සංකේතාත්මක වටිනාකමක් එකතු කරන්නක් බවත් අමාත්‍යවරයා පැවසුවා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙම අවස්ථාවේ දී පැවසුවේ, නව ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති වර්ෂයක ආරම්භක වැඩසටහනක් ලෙස Lanka Ride පාපැදි සවාරිය පවත්වන බවයි.
මෙම පාපෙදි සවාරිය සඳහා කණ්ඩායම් 27 නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක්ව සිටිනවා
වැඩිදුර තොරතුරු දැනගන්න “කෙලිසර” යූ ටියුබ් චැනලය සමග එක්වන්න.


