වොලිබෝල් පිටියේ පෙරළිකළ දයාරත්නයන්ට වෙළඳ සේවා උපහාරය
වෙළදසේවා වොලිබෝල් සංගමය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ක්‍රීඩක ඇගැයීම් සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් සිදු කරන ප්‍රණාම සම්මානය මෙවර ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වන L.L දායාරත්නයන් වෙත පිරිනැමුණා. ඒ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු ලෙස දශක ගණනාවක් පුරා volleyball ක්‍රීඩාව වෙනුවෙන් සිදුකල සේවය වෙනුවෙන්.
1950 වර්ශයේ මැයි මස 25 වන දින ගමිපහදි උපත ලැබු L.L දයාරත්න යන් ගමිපහ සිද්ධාර්ථ කුමාර විදුහලෙන් මුලික අධ්‍යාපනයටත් වොලිබෝල් ක්‍රීඩා වටත් අත්පොත් තැබිය.
පසුව ගමිපහ සෙන්ට්‍රල් කණ්ඩායමට මෙන්ම තුල්හිරිය පෙහෙකම්හල් කණ්ඩායමත් නියේජනය කරමින් ජාතික තරගමාලාවට සහභාගි වූ දයාරත්නයන්,
1974 වර්ෂයේ දි ශ්‍රී ලංකාවේ පැවති චින ලංකා volleyball ටෙස්ට් තරග මාලාවේ දි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුථම වරට ජාතික වර්ණ දිනාගත් අතරම 1976 වර්ෂයේ දි පකිස්ථානයේ පැවති මොහොමඩි අලිජින්නා අනුස්මරණ ජාත්‍යන්තර තරගමාලාවේ දි ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා පිල ද නියෝජනය කරන්නට සමත් වුණා.
ශ්‍රී ලංකාව වොලිබෝල් ක්‍රීඩාවෙන් දිනාගත් පුථම ජාත්‍යන්තර පදක්කම හිමිකර ගත් කණ්ඩායමේ, ප්‍රබල ක්‍රීඩකයකු වූ ඔහු,
1976 වර්ෂයේ දි මහජන චිනයේ සංචාරය කල ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කල දයාරත්නයන් 1970 -80 දශකයේ වෙළඳදසේවා වොලිබෝල් තරගමලාවටද තුල්හිරිය පෙහෙකම්හල නියොජනය කරමින් සහභාගි විය.
ශ්‍රී ලාංකේය volleyball ක්‍රීඩා ඉතිහාසය තුළ කීර්තිමත් නාමයක් ගොඩනැගූ එල්.එල්. දයාරත්නයන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.