Lanka Ride පාපැදි සවාරිය සඳහා සියල්ල සූදානම් ….!
Lanka Ride පාපැදි සවාරිය හෙට (16දා) උදෑසන 9 ට ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මෙම පාපැදි සවාරියට සහභාගී වන කණ්ඩායම් 27 ක කළමනාකරුවන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඔවුන්ට තරඟය පිළිබඳ පැහැදිලි කිරීම මෙන්ම තරඟ නීතිරීති පැහැදිලි කර, අංක ලබාදීම ද අද සිදු කෙරුණා.
තරඟය හෙට (16දා) පෙරවරු නමයට ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වී, නුවර ගන්නෝරුව බලා පිටත් වීමට නියමිතයි. ගන්නෝරුවෙන් තරඟයේ පළමු දිනය අවසන් කර, 17 වැනිදා උදෑසන 9ට නැවත තරඟය ආරම්භ කර අනුරාධපුරය බලා ගමන් කිරීමටයි සැලසුම් කොට තිබෙන්නේ.
18 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙන තරගයේ අවසන් අදියර කොළඹ දක්වා පැවැත්වෙනවා.








