Other Sports

Dilmini wins a gold medal in Youth Asian para games.

Dilmini wins a gold medal in Youth Asian para games.
  • PublishedDecember 13, 2025

ඩුබායි හිදී මේ දිනවල පැවැත්වෙන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට දිල්මිණි උදුම්බරා කුමාරගේ ක්‍රීඩකාව සමත් වුණා.

වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයෙන් යගුලිය දැමීමේ ඉසව්ව නියෝජනය කළ දිල්මිණී උදුම්බරා කුමාරගේ F40, F41 තරග කාණ්ඩය නියෝජනය කරමින් තම ඉසව්වේදී මීටර් 3.69ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් වුණා.

මෙම රන් පදක්කමත් සමගින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.