Other Sports

උදුම්බරාගෙන් තවත් රන් පදක්කමක්. සෙනුවරගෙන් රන් හා ලෝකඩ පදක්කම්…

උදුම්බරාගෙන් තවත් රන් පදක්කමක්. සෙනුවරගෙන් රන් හා ලෝකඩ පදක්කම්…
  • PublishedDecember 14, 2025

රටවල් 35 ක්‍රීඩක ක්‍රීඩකාවන් ගේ සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලියේ දී දිල්මිණී උදුම්බරා කුමාරගේ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දෙන්නට සමත් වුණා.ඒ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන්. ඒ අනුව වයස අවුරුදු 17 න් පහළ F40 – f41 කාණ්ඩයේ කවපෙත්ත විසි කිරීම සහ යකුලිය දැමීම යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් හිමිකර ගන්නට දිල්මිණි උදුම්බරා ක්‍රීඩිකාව සමත් වුණා.

කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ දොළොස් වන වසරේ ඉගෙනුම ලබන උදුම්බරා විදුහලේ ක්‍රීඩා භාර ආචාර්ය අතුල සෙනෙවිරත්න මහතා යටතේයි තමන්ගේ පු
පුහුණුවීම් සිදු කරන්නේ.

තරගාවලියේ f47 අංශයේ වයස අවුරුදු 17 න් පහළ බාලක මීටර 100 ධාවන ඉසව්වට එක් වුණු සෙනුවර සන්දිලු තම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඊට අමතරව දුර පැනීම ඉසව්වට එක් වුණු සෙනුවර එම ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමිකර ගන්නට සමත් වීමත් කැපී පෙනෙන කරුණක්.

තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලිය ට (Asian Youth Para Games) විරුජ සෙනිල රත්නවර්ධන ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටිනවා.