වයස අවුරුදු 18න් පහළ පැසිපන්දු ආසියානු තරගාවලිය සඳහා තේරීම් තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. එය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා.
ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය, දකුණු ආසියානු පැසිපන්දු සංගමය එක්ව තරගාවලිය සංවිධානය කරනු ලබනවා .
තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම හා හඳුන්වාදීම ඊයේ කොළඹ ඔලිම්පික් නිවසේදී සිදු කෙරුණා.
තරඟකරුවන් සඳහා නිල ඇඳුම් ප්‍රධානයද මෙහිදී සිදු කළා.
ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ලේකම් චන්දන ලියනගේ මහතා කියා සිටියේ
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා පුහුණුවීම්වල නිරතව සිටින බවයි.
ශ්‍රී ලංකාව , ඉන්දියාව බංගලිදේශය ,මාලදිවයින තරගාවලිය සඳහා එක්ව සිටිනවා.