ඉතිහාසයේ දූෂිතම පාපැදි නිළවරණයට එරෙහිව පවත්වනු ලබන දැවැන්ත විරෝධතාව හා උද්ඝෝෂණය ඉදිරි 15 වනදා , සදුදා , ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
ජාතික වැඩපිළිවෙළක් නොමැති වීමෙන් හා ජාත්‍යන්තර පිළිගැනීම වසර ගණනාවක සිට අහිමි වීමෙන් අගාධයකට වැටී ඇති ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව ගොඩනැගීමට අසමත්වීමෙන් අසාධාරණයට ලක් වූ සියලුම පාපැදි සංගම් හා සමාජ වල සාමාජික සාමාජිකාවන්, නිලධාරින් ,විනිසුරුවරුන් ,පුහුණුකරුවන් හා පාපැදියට ආදරය කරන සියළුම දෙනාට මේ සඳහා එක්වන ලෙස ආරාධනය කරන බවයි මේ විරෝධතාව සංවිධාන කරන “ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව රැක ගැනීමේ එකමුතුව” පවසන්නේ.
මෙම විරෝධතාව15 වන සඳුදා දින පෙ:ව: 9 ට කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී සිදුකිරීමට නියමිතයි.