2024 පැරිස් ඔලිම්පික් කාන්තා මීටර් 800 තරඟය සඳහා සුදුසුකම් ලද යෞවනියෝ

කාන්තා මීටර් 800 කියන්නෙ කවදත් කාගෙත් අවධානයට ලක්වුනු ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වක්, කාලයකදි තහනම් උත්තේජක නිසාත්, මෑත කාලීනව DSD(Disorders of Sex Development) ක්‍රීඩිකාවන් නිසාත් 2008 දී සහ 2021 දී යොවුන් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිසාත් කාගෙත් අවධානයට ලක්වුනු තරඟ ඉසව්වක්. 2016 දි පිරිමි හෝමෝන වැඩි DSD ක්‍රීඩිකාවන් මීටර් 800 ඉසව්ව ආක්‍රමණය කලේ ඔලිම්පික් පදක්කම් 3 ම එවැනි ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරමින්, ඒ නිසාම ලෝක මලල ක්‍රීඩා ආයතනයට ඒ සඳහා නව නීති පනවන්න සිදුවුනා. කවුරුත් හිතුවෙ DSD ක්‍රීඩිකාවන් ඉවත් කිරීමෙන් පස්සෙ කාන්තා මීටර් 800 ඉසව්වෙ දක්ෂතා අඩුවෙයි කියල. නමුත් සිද්ධවුනේ අරුම පුදුම දෙයක් 2012 දි සහ 2016 දි තහනම් උත්තේජක සහ testosterone හෝමෝන වැඩි අයට වඩා හොඳ කාලයක් වාර්තා කරපු 19 හැවිරිදි ඇමෙරිකාවෙ Athing Mu විනාඩි 1:55.21 කින් ඔලිම්පික් රන් පදක්කම දිනාගන්න සමත් වුනා. ඒ වගේම රිදී පදක්කම දිනාගත්තෙත් මහා බ්‍රිතාන්‍යයේ 19 හැවිරිදි Keely Hodgkinson විනාඩි 1:55.88 ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින්. මේ වාර්තා කල කාලයන් සහ මේ දෙන්නම 19 වන වියේ පසුවීම අදහාගත නොහැකි අවස්ථාවක්. නමුත් කාන්තා මීටර් 800 ඔලිම්පික් රන් පදක්කම වයස 20 ට අඩු ක්‍රීඩිකාවක් ජයග්‍රහණය කරපු පළමු අවස්ථාව මේක නෙවේ 2008 Beijing ඔලිම්පික් උළෙලෙදි කෙන්යාවෙ 18 හැවිරිදි Pamela Jelimo විනාඩි 1:54.87 ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් කාන්තා මීටර් 800 ඔලිම්පික් රන් පදක්කම දිනපු ලාබාලම ක්‍රීඩිකාව බවට පත්වුනා.

2021 මීටර් 800 ඔලිම්පික් රන් පදක්කම දිනල පහුගිය මාස 12 ඇතුලත කාලයෙදිත් ලෝකයෙ හොඳම කාලය වාර්තා කරපු ඇමෙරිකාවෙ Athing Mu මෙවර ඔලිමම්පික් තේරීම් අවසන් තරඟයෙදි අවාසනාවන්ත ලෙස බිම ඇද වැටිල තරඟයෙන් පරාජය වුනු නිසා මේ ඔලිම්පික් උළෙලෙදි දකින්න ලැබෙන එකක් නැහැ. නමුත් ඇයගෙ ප්‍රතිවාදිනිය Keely Hodgkinson නම් මෙවර රන් පදක්කමට එක අතක් තියල ඉවරයි. නමුත් කෙන්යාවෙ Mary Moraa වගේම තමන්ගෙ රටේම 17 හැවිරිදි Phoebe Gill ගෙනුත් ඇයට හොඳ අභියෝගයක් එල්ලවෙන්න පුළුවන්.

2021 කේ හිටපු 19 හැවිරිදි Athing Mu සහ Keely Hodgkinson වෙනුවට 2024 දි කාන්තා මීටර් 800 යෙ අවුරුදු 20 ට අඩු ඔලිම්පික් නියෝජනය සිදුවෙන්නෙ 17 හැවිරිදි Phobe gill, 19 හැවිරිදි Claudia Hollingsworth සහ ශ්‍රී ලංකාවෙම ආදරය දිනාගත්ත 19 හැවිරිදි තරුෂි කරුණාරත්න ගෙනුයි. මෙහි දක්වල තියෙන අනිත් ඡායාරූපයෙ ඉන්න කෙන්යාවෙ 18 හැවිරිදි Sarah Moraa (Mary Moraa ගේ ඥාති සොයුරිය) අති දක්ෂ ක්‍රීඩිකාවක් වුනත් ඇයට තත්පර දශමයකින් ඔල්ම්පික් සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවුනා.

ඉතිං මේ අය ගැන වැඩි විස්තර මම කියන්න යන්නෙ නැහැ. ඔයගොල්ලොම හොයල බලන්න.

බොහොම නුදුරු කාලෙකදි ලෝකයේ මීටර් 800 හෝ 1500 මෙහෙයවන්නෙ මේ අය විය හැකියි.

  • මාධව සෙනරත්
Total
0
Shares
1 comment
Leave a Reply

Your email address will not be published. Required fields are marked *