Other Sports

හයවෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට වාර්තාගත ක්‍රීඩක සහභාගිත්වයක්….

හයවෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට වාර්තාගත ක්‍රීඩක සහභාගිත්වයක්….
  • PublishedDecember 13, 2025

චීනයේ සන්යා වෙරළ තීරයේදී 2026 අප්‍රේල් මස 22 වෙනිදා සිට 30 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත හයවෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට එක්වන රටවල්හි olympic කමිටු බලධාරීන් සහ කණ්ඩායම් බාර නිලධාරීන් ගේ පළමු සම්මන්ත්‍රණය පසුගියදා පැවැත්වුණා. මෙවර හයවෙනි ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා 14ක් යටතේ ඉසව් පහළොවක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ජල ක්‍රීඩා, පැසි පන්දු, වෙරළ මලල ක්‍රීඩා, dragon බෝට්ටු, පාපන්දු, අත්පන්දු, ජු – ජිට්සු, කබඩි, රුවල් ඔරු ,කඳු නැගීම, take ball, තුන් ප්‍රයාම, වොලිබෝල් සහ මල්ලව පොර යන තරග ඉසව් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3798 දෙනෙකු තරගාවලියට එක්වීමට නියමිතයි.

ආසියානු olympic කවුන්සිලය සහ සන්යා ආසියානු වෙරළ ක්‍රීඩා සංවිධායක කමිටුව කමිටුව මගිනුයි මෙම දෙදින විශේෂ සම්මන්ත්‍රණය සංවිධාන කොට තිබුනේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් sri lanka ජාතික olympic කමිටුවේ සාමාන්‍යාධිකාරී ලාල් වික්‍රමතුංග මහතා සහ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් භාර නිලධාරී ලෙස කටයුතු කරන සමිත් තිළිණ මහතා සහභාගී වී සිටියා. මේ සඳහා ආසියානු ඔලිපික් කමිටු තිස් හයක නියෝජිතයින් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ආසියානු ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විනෝද් කුමාර් තිවාරි, සන්යා නගරාධිපති සහ ආසියානු වෙරළ ක්‍රීඩා සංවිධායක කමිටුවේ මහලේකම් වෙන් ශී ඇතුළු බලධාරීන් රැසක් මෙම සම්මන්ත්‍රණය ට එක්වුණා.