National Other Sports

ක්‍රීඩා නායකත්වයේ නව යුගයක් වෙනුවෙන් තවත් කණ්ඩායමක් සූදානම් කෙරේ….

ක්‍රීඩා නායකත්වයේ නව යුගයක් වෙනුවෙන් තවත් කණ්ඩායමක් සූදානම් කෙරේ….
  • PublishedDecember 12, 2025

2025 වසර තුළ ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධාන කළ තුන්වන ක්‍රීඩා පරිපාලක පාඨමාලාව දෙසැම්බර් 11 වන දින කොළඹ 7 ඔලිම්පික් නිවහනයේදී ආරම්භ වුණා.

ජාතික පාඨමාලා අධ්‍යක්ෂවරුන් වන නලින් ද සිල්වා, එම්.කේ.ඒ. අනෝමා රත්නායක මහත්මිය, ගෝබිනාත් සිවරාජා මහතා සහ ආරාධිත පහසුකම් සපයන්නිය වන වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය විසින් මෙහෙයවන ලද ප්‍රායෝගික දේශන රැසකට තරුණ තරුණියන් එක්ව සිටියා.