රුසියාවේ මොස්කව් නුවර පැවැති ජාත්‍යන්තර සූමෝ තරංගාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කමක්.
රුසියාවේ මොස්කව් නුවර පැවැති 2025 ජාත්‍යන්තර සූමෝ කුසලාන තරගාවලියේදී විවෘත බර පන්තිය යටතේ (Open Weight) තෙවන ස්ථානය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් ඇගයීමේ හමුවක් අද (18දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුකෙරුණා.
මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබාගත් ක්‍රීඩිකාවන්ට සිය සුබපැතුම් පිරිනැමූ ක්‍රීඩා අමාත්‍යවරයා, ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සහ 2026 වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට මෙහිදී සහතික වුනා.
මෙම තරගාවලිය සඳහා , එච්.ඩී.කේ. සඳරුවි (H.D.K. Sandaruvi)
එච්.ඒ.කේ. කෞෂිකා (H.A.K. Kawsika)
පී.ඒ.එස්.එස්. ලක්ෂානි (P.A.S.S. Lakshani)
කේ.එන්.වී.එස්.එල්. නානායක්කාර (K.N.V.S.L. Nanayakkara) යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.
මෙම අවස්ථාවට ජාතික සූමෝ සංගමය නියෝජනය කරමින් එහි සභාපති යොහාන් ෆොන්සේකා මහතා,
ලේකම් පී.ජී.පී. උදයංග මහතා, භාණ්ඩාගාරික අසංක විශ්වජිත් මහතා,
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර සුමෝ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබාදීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා හා බලධාරින් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.




