Cricket International

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නැවතත් ප්‍රමෝද්‍ය යටතට….

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නැවතත් ප්‍රමෝද්‍ය යටතට….
  • PublishedDecember 16, 2025

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව නැවත එම කමිටුව නම් කිරීම අද දිනයේදී සිදු කෙරුණා. ඒ අනුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස නම්කොට තිබෙන්නේ මීට පෙරත් එම වගකීම් දරා ඇති හිටපු වේග පන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහයි. තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර තිබෙනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම් සිදු කළ බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මීට පෙර 2004, 2013 සහ 2020 වසර වලදී ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. 2021 වසරේදී තේරීම් කමිටුවේ සභාපති ධූරයට නම් කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2023 ලෝක කුසලාන පරාජයෙන් අනතුරුව තේරීම් කමිටුවේ සභාපති ධූරයෙන් ඉවත් කෙරුණා.