Features

Sri lanka sports.com වෙතින් ප්‍රථම ඩිජිටල් ක්‍රීඩා සඟරාව අන්තර්ජාලයට

Sri lanka sports.com වෙතින් ප්‍රථම ඩිජිටල් ක්‍රීඩා සඟරාව අන්තර්ජාලයට
  • PublishedSeptember 15, 2025

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ක්‍රීඩාව පිළිබඳ වූ පළමු digital සඟරාව ප්‍රකාශයට පත්වුණා. විසිපස් වසරක් සපුර ශ්‍රී ලංකාවේ පුරෝගාමී ක්‍රීඩා වෙබ් අඩවිය වන SriLankaSports.com හි නවතම පරිච්ඡේදය මේ ප්‍රථම සිංහල ඩිජිටල් ක්‍රීඩා සඟරාව බවයි එහි ප්‍රධාන සංස්කාරක, ජේෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී හිෂාන් වැල්මිල්ල මහතා ප්‍රකාශ කළේ.

අපේම භාෂාවෙන් ක්‍රීඩාවේ ජයග්‍රහණ, අභියෝග සහ ආශ්වාදය පිළිබඳ කථා ගෙන ඒමෙන් ක්‍රීඩා පුවත්පත් කලාව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වඩාත් ප්‍රවේශ විය හැකි සරල මාධ්‍යයක් ලෙස බෙදාහැරීම තම බලාපොරොත්තු වූ බවත් හිෂාන් වැල්මිල්ල මහතා සඳහන් කළා.අපගේ ඉලක්කය
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමරීම, ඔවුන්ගේ ක්‍රීඩාවක් සැරිය තුළ මතුවන බොහෝ දෙනෙකු නොදන්නා සුන්දර ඉතිහාසය
ක්‍රීඩා රසිකයින්ගේ හදවත් වෙත සමීප කිරීම මෙන්ම එම තොරතුරු ක්‍රීඩාලෝලී ඔබ සමඟ බෙදා ගැනීමට sri lanka sports.com කණ්ඩායම සූදානම්.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී හිෂාන් වැල්මිල්ල ඇතුළු කණ්ඩායමට “කෙලිසර” සමාජ මාධ්‍ය ජාලයේ උණුසුම් සුභපැතුම්….!!