NOC Sri Lanka Briefs Olympic Solidarity Scholarship Holders on LA 2028 Programme
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) ඔලිම්පික් සහයෝගිතා – ලොස් ඇන්ජලීස් 2028 ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභීන් සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පුළුල් දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූ අතර, ශිෂ්‍යත්ව ඵලදායී ලෙස භාවිතා කිරීම සහ ශිෂ්‍යත්ව කාලය තුළ ඔවුන් ලබා ගන්නා ප්‍රගතිය වාර්තාකරණ කිරීමේ අවශ්‍යතා පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීම සහ පෙළඹවීම මෙහිදී සිදුකෙරුණා.
කපිල විජේගුණවර්ධන මහතා සහ ශ්‍රීරන්ත පීරිස් මහතාගෙන් සමන්විත ස්වාධීන තේරීම් කමිටුවේ සාමාජිකයින් විසින් මෙම සැසිය මෙහෙයවන ලද අතර. විනිවිදභාවය, වගවීම සහ කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රගතිය අවධාරණය කරමින්, ලොස් ඇන්ජලිස් 2028 ඔලිම්පික් සහයෝගිතා ශිෂ්‍යත්වයේ විෂය පථය, වගකීම් සහ අපේක්ෂාවන් පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවිස්තරාත්මක මග පෙන්වීමක් මෙහිදී දේශක මණ්ඩලය විසින් සපයනු ලැබුවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක නිරත වීමට, ප්‍රශ්න මතු කිරීමට සහ අරමුදල් භාවිතය, කාර්ය සාධන සැලසුම් කිරීම සහ වාර්තා කිරීමේ ක්‍රියා පටිපාටිවලට අදාළ පැහැදිලි කිරීම් ලබා ගැනීමටද මෙහිදී ප්‍රායෝගික අවස්ථා ලබාදුන් බවයි ජාතික olympic කමිටුව ප්‍රකාශ කළේ.



