National Other Sports

National Youth Sports Fest 2025 ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කයට.

National Youth Sports Fest 2025 ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කයට.
  • PublishedDecember 22, 2025

ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල National Youth Sports Fest 2025 සමස්ත ශුවර්තාව මහනුවර දිස්ත්‍රික්කයට හිමිකර දෙමින් නිමාවට පත්වුණා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හෙන්නායක, නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර ඇතුළු ආරාධිතයන් රැසක් සමාප්ති උළෙල සඳහා එක්ව සිටියා.

දිස්ත්‍රික්ක 26ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන් සහභාගී වී සිටි අතර, ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කය දිනාගත්තා. අනුශුරතාවය ගම්පහ දිස්ත්‍රික්කයට සහ තෙවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයට හිමි වුනා.

මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සයුරි ලක්ෂිකා මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර,දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ K.A.D. මල්ෂාන් සම්මාන දිනාගත්තා.