ලොව ප්‍රකට චීන තේ කලාවේ අතීතය සහ අනාගතය සොයා ගිය අපූරු ගමන….
චීනයේ යූනාන් පළාත කේන්ද්‍ර කර ගනිමින් මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – චීන මාධ්‍ය සංස්කෘතික හා අධ්‍යාපන ජාත්‍යන්තර පුහුණු සැසිවාරය තුළ තවත් විශේෂ ස්ථාන රැසක් නිරීක්ෂණය හා අධ්‍යයනය කරන්නට ඊයේ සහ අද දිනයේදී අවස්ථාව උදාකර දී තිබුණා.
විසි දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම මෙම සංචාරය සඳහා එක්ව සිටින්නේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ යුනාන් ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරාධනයෙන් සහ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව තානාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාගේ සම්බන්ධීකරණයෙන්.

ලොව පුරා ප්‍රචලිත චීන තේ කලාව ලෝකයට දායාද කළ යූනාන් ප්‍රාන්තයේ පාරම්පරික වටිනාකමකින් යුත් තේ වතු සහ තේ කර්මාන්ත ශාලා නිරීක්ෂණයට ඊයේ අවස්ථාව උදාවුනු අතර එහිදී එම තේ කර්මන්ත ශාලාවන්හි නවතම ක්‍රියාකාරිත්වයන් දැකබලා ගැනීමටත් ඒ ආශ්‍රිත දේශන කිහිපයකට එක් වන්නටත් ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායමට අවස්ථාව උදාකර දී තිබුණා. නූතන චීනයේ ආර්ථිකය වැඩිවර්ධනය කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබා දෙන තේ කර්මාන්තය මෙන්ම ඒ සඳහා රජය ලබා දෙන ප්‍රමුඛ දායකත්වය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබුණා. එම වැඩසටහන සඳහා එක්ව සිටි චීන ජාතික තේ කර්මාන්තකරුවන් හා විශේෂඥ දැනුමෙන් යුත් දේශකයන් සමඟ හරවත් සංවාදයක යෙදීමටත් අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
අද පෙරවරුවේ යූනාන්හි “පියෝ සිටි” කෝපි නවෝත්පාදන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව වෙන්කොට තිබුණා. චීනයේ “කෝපි” පානය අතිශය ජනප්‍රිය සංග්‍රහයක්. විවිධත්වයෙන් යුත්, විවිධ රස වලින් සමන්විත කෝපි පානයන් නිෂ්පාදනය කිරීම සම්බන්ධව නව පර්යේෂණ සිදුකරන ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙසයි මෙම ස්ථානය හඳුන්වා දී තිබෙන්නේ. මෙහිදී නිරන්තරව සිදුකරන පර්යේෂණ ඔස්සේ ලෝක ජනතාවගේ විවිධ රුචිකත්වයන්ට සරිලන පරිද්දෙන් එම නිෂ්පාදන සිදු කිරීමට ඔවුන් අවධානය යොමු කොට තිබෙනවා. එමෙන්ම ලොව පුරා ප්‍රසිද්ධ “බැරිස්ටා ” සන්නාමය වෙනුවෙන් “කෝපි” නිෂ්පාදන නිපදවීම පිළිබඳව පුහුණු පාඨමාලා සංවිධාන කොට එම ප්‍රමිතිය සහිත සහතිකපත් නිකුත් කරන්නේද මෙම පර්යේෂණ ආයතනය තුළින්.

මෙම වැඩසටහන් අතරතුරදී චීන මාධ්‍ය ආයතන ගණනාවක නියෝජිත කණ්ඩායම් ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම සමග අදහස් හුවමාරු කර ගැනීමට එක්ව සිටීමත් අලුත් අත්දැකීමක්.
චීන කැඩපත’ සහ “කෙලිසර” මාධ්‍ය ජාලය වෙනුවෙන් මධුශාන් කුලරත්න, සමීර පුලස්ති සමග විනුර වින්සර කරුණාරත්න චීනයේ යුනාන් පළාතේ සිට……

