Features

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • PublishedSeptember 6, 2025

යාපනය මන්ඩතිවු දුපතෙහී ඉදිකිරීමට නියමිත “යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය”ට මුල්ගල තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සැප්තැම්බර් පළවෙනිදා සිදු කෙරුණා. අදියර 4 ක් යටතේ විදුලි ආලෝක කුළුණු ( floodlight ) සහිතව ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙම යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය දායකත්වය ලබාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙය ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක කුළුණු ( floodlight ) සහිතව ඉදිකරන පස්වෙනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අතර එහි අදියර 4 ම ඉදිකිරීම් නිමවු පසු එකවර ප්‍රේක්ෂකයින් 40,000 කට තරග නැරඹීමේ අවස්ථාව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අක්කර 48 ක වැඩි භූමි ප්‍රදේශයක මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සිදුකෙරෙන අතර තණතීරු 10 කින් එය නිර්මාණය කිරීමටයි සැළසුම් කර ඇත්තේ. මෙම යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම යෝජිත යාපනය ක්‍රීඩා නගරයේ (Jaffna Sports City) එක් අංගයක් ලෙස දක්වා තිබෙනවා.