Football National

Under 15 Football team Departs to China

Under 15 Football team Departs to China
  • PublishedSeptember 18, 2025

15න් පහළ පාපන්දු කණ්ඩායම චීනයට

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව, චීන තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන්, චීනයේ ලිජියැං නගරයේ දී පැවැත්වෙන “Belt and Road 2025 2nd ‘Tianyu Liufang Cup’ ජාත්‍යන්තර තරඟාවලිය සඳහා මෙරට 16 න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම චීනය බලා පිටත් වීමට නියමිතයි. මෙම තරඟාවලිය 2025 සැප්තැම්බර් 20 සිට 28 දක්වා පැවැත් වෙනවා.

මෙම තරඟාවලියට සහභාගී වන කණ්ඩායමට අවශ්‍ය නිල ඇඳුම් ඇතුළු ක්‍රීඩා උපකරණ ලබා දීමත්,ගුවන් ටිකට්පත් ලබා දීමත් අද (සැප්තැම්බර් 18)දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරුනා.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් එක්ව සිටියා.