NOC නිලවරණයට IOC දින දෙයි…
ඉදිරි අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වා නව නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) අද ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ඒ වනවිට වෝහාරික විගණනය අවසන් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අපේක්ෂා කරන බවයි.
Olympic නිලවරණය සම්බන්ධයෙන් සංගම් නියෝජිතයන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවති අතර එහිදී සියලු සාමාජික සංගම් ඉදිරි නිලවරණය පැවැත්වීමට එකඟත්වය පළ කොට තිබෙනවා.