National Other Sports

National and Open Surf Competition – Hikaduwa Series

National and Open Surf Competition – Hikaduwa Series
  • PublishedJanuary 20, 2026

රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව සංවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය.

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය (SFSL) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික රළ මත ලිස්සා යාමේ තරඟාවලිය හික්කඩුව ‘මේන් පොයින්ට්’ (Hikkaduwa Main Point) හි දී පැවැත් වුණා.

තරඟාවලියේ සමාප්ති උළෙල සඳහා සහභාගී වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ජල ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම නව රජයේත් ක්‍රීඩා මධ්‍යාංශයේත් සැලසුම් වල කොටසක් බවයි.
ශ්‍රී ලංකාවේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ලබාදීමට අමාත්‍යාංශය කැපවන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.
මෙම තරඟාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙකු සඳහා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් සහ ඉදිරි ලෝක මට්ටමේ තරඟ සඳහා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවත්, ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා 2026 වසරේදී ජාත්‍යන්තර මට්ටමේ රළ මත ලිස්සා යාමේ තරඟාවලි කිහිපයක් ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය හා එක්ව සංවිධානය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම තරඟාවලියේදී වැලිගම (Weligama) සහ මැම්බෝස් (Mambos) රළ මත ලිස්සා යාමේ ක්‍රීඩා සමාජ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර, මෙහි ප්‍රතිඵල අනුව 2026 අගෝස්තු මාසයේ ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට නියමිතයි.

තරග ප්‍රතිඵල.

ජාතික අංශයේ පිරිමි:

ප්‍රථම ස්ථානය – ලක්ෂිත මධුෂාන් (වැලිගම)

දෙවන ස්ථානය – ලසිත ප්‍රභාත් (ආරුගම්බේ)

තෙවන ස්ථානය – කනපති රමේෂ් ජේ හැලර් (ආරුගම්බේ)

සිව්වන ස්ථානය – සචින් සඳහිරු තාරක (වැලිගම)

ජාතික අංශයේ කාන්තා:

ප්‍රථම ස්ථානය – අනන්තරාසා අම්මු ජාන්සී (ආරුගම්බේ),

දෙවන ස්ථානය- උස්වත්තගේ සෙනුරි මධුෂානි (වැලිගම),

තෙවන ස්ථානය- ඉෂි මෝෂා රාජපක්ෂ (වැලිගම)

කනිෂ්ඨ පිරිමි (U-18)

ප්‍රථම ස්ථානය – මිනාමි සතෝ (මැම්බෝස්)

දෙවන ස්ථානය- අෂේන් රවිශ්ක (වැලිගම)

තෙවන ස්ථානය- සහිල් අංජන (මැම්බෝස්)

කනිෂ්ඨ පිරිමි (U-15)

ප්‍රථම ස්ථානය- මෙතුජ මෙත්සර (වැලිගම)

දෙවන ස්ථානය- පවන් මධුසංඛ (වැලිගම)

තෙවන ස්ථානය- තියෝ අමියර් (වැලිගම)

කනිෂ්ඨ ගැහැණු

ප්‍රථම ස්ථානය – සයුනි අංජනා M.D. (මැම්බෝස්)

විවෘත අංශය – ජාත්‍යන්තර (Open Divisions)

විවෘත පිරිමි:
ප්‍රථම ස්ථානය- කනපති රමේෂ් ජේ හැලර් (ශ්‍රී ලංකාව)

දෙවන ස්ථානය – ලක්ෂිත මධුෂාන් (ශ්‍රී ලංකාව)

තෙවන ස්ථානය – කෙලර් වේට් (ඕස්ට්‍රේලියාව)

විවෘත කාන්තා:

ප්‍රථම ස්ථානය – ක්‍රිස්ටල් ජේඩ් ඩේවිස් (ඕස්ට්‍රේලියාව)

දෙවන ස්ථානය- ඇනා ටිකොනෝවා (රුසියාව)

තෙවන ස්ථානය- ඇනා වොට්සන් (එංගලන්තය)

විවෘත මාස්ටර්ස් (Masters):

ප්‍රථම ස්ථානය- ඩැන් වෝල්ටන් (ඕස්ට්‍රේලියාව)

දෙවන ස්ථානය- සර්ජියෝ මාර්ටින්ස් (පෘතුගාලය)

තෙවන ස්ථානය – ට්‍රෝයි ෆෙරි (ප්‍රංශය)

විවෘත ගැහැණු ළමයින්:

ප්‍රථම ස්ථානය – සෝ ජැරොන් (ස්විට්සර්ලන්තය)

දෙවන ස්ථානය – ග්‍රේස් ඇන්ටෝනි (ජර්මනිය)

තෙවන ස්ථානය- සයුනි අංජනා (ශ්‍රී ලංකාව)