Cricket Top Story

Mr. Shammi Silva has stepped down as the President of Sri Lanka Cricket after seven years of dedicated service.

Mr. Shammi Silva has stepped down as the President of Sri Lanka Cricket after seven years of dedicated service.
  • PublishedApril 28, 2026

වසර තිහකට අධික කාලයක් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ තනතුරු හොබවමින් කටයුතු කළ, 2019 වසරේ සිට වසර හතක කාලයක් නොකඩවා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කළ ශම්මි සිල්වා මහතා අද සන්ධ්‍යාවේ පැවති විශේෂ විධායක සභා වාරයේදී තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.2019 වසරේ පැවති ක්‍රිකට් නිලවරණයේදී ජයන්ත ධර්මදාස මහතා සමඟ තරග කර ජයග්‍රහණය හිමිකරගත් ශම්මි සිල්වා ඉන්පසුව පැවති නිලවරණ තුනකදීම ක්‍රීඩා සංගම් වල බහුතර කැමැත්තෙන්, නිතරගයෙන් සභාපති ධුරයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක්.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වුණු අතර එහි දිගුවක් වශයෙන් ගෙවී ගිය සති කිහිපය තුළ ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම සඳහා ඉහළ දේශපාලන බලධාරීන්ගේ මැදිහත්වීම් රැසක් දක්නට ලැබුණු බවයි මාධ්‍යයන් වාර්තා කළේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිතුමන් විසින් සිදුකළ විශේෂ ඉල්ලීමක් මුල්කරගනිමින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි නිල නොවන අයුරින් බොහෝ දෙනා වාර්තාකොට තිබුනේ.

සභාපතිවරයා පමණක් තම තනතුරෙන් ඉල්ලා අස් වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ නීතිරීතීන්ට අනුකූලව ගැටළු රැසක් මතුවිය හැකි බවත්, එසේ වුවහොත් එය දේශපාලන බලපෑම් ගණයට අයත් වුවහොත් ඒ හරහා ජාත්‍යන්තර විරෝධයක් ගොඩනැගිය හැකි බැවින් සභාපතිවරයා සමඟ ක්‍රිකට් විධායක සභාවටම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි ඔබට අයුරින් වාර්තා වුණේ. ඒ අනුව ක්‍රිකට් විධායක සභාව තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් වන නිවේදනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් හෙට දිනයේ සිදු කිරීමට නියමිත බවත් සඳහන්.