පදක්කම් ජයග්‍රහණ මෙන්ම ජාතියක් ලෙස පිළිගත හැකි ක්‍රීඩා අනන්‍යතාවක් ගොඩනැගීම මගේ අරමුණයි.
ඔලිම්පික් සභාපති ධුරයට තරග වදින පාපන්දු සභාපති ජස්වර් උමාර්. ඔලිම්පික් පදක්කම් සිහිනයට සමගාමීව ජාතියක් ලෙස පිළිගත හැකි ක්‍රීඩා අනන්‍යතාවක් ගොඩනැගීම තමන් ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව බව ජාතික ඔලිම්පික් කමිටු නිලවර්ණයේදී සභාපති ධුරයට තරග වදින ජස්වර් උමාර් මහතා පවසනවා. පසුගිය කාලය තුළ පරිපාලකයන් විසින් සිදුකළ ඇතැම් සිදුවීම් හරහා ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ලැබුණු අපකීර්තිය නිවැරදි කරගැනීමත්, එයින් ක්‍රීඩාව අත්හැර ගිය අනුග්‍රාහකයන් නැවත ක්‍රීඩාවට යොමු කර ගැනීමත් තමන්ගේ මූලික බලාපොරොත්තුව වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය පරිපාලනමය වෙනස්වීම්, ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම්, මූල්‍ය පරිපාලනයේ විනිවිදභවය, ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යය නිවැරදි ඉදිරි දැක්ම සැලසුම් කිරීම, ක්‍රීඩාවට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම, සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමේ වැඩසටහන් සැලසුම් කිරීම ඇතුළු සියලු කටයුතු සඳහා අත්දැකීම් සපිරි, ක්‍රීඩා සංගම් හා සම්මේලන රැසක නියෝජිතයන් වැඩි පිරිසක් තමන් සමග කණ්ඩායමක් ලෙස එකට එක්ව සිටින බවයි ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
රටක් සහ ජාතියක් ලෙස ක්‍රීඩාවේ එකම අරමුණක් උදෙසා එක්ව වැඩ කලයුතු නිලධාරී සමූහයක් කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්ව එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීම සිදු නොවිය යුත්තක් බව මෙහිදී අදහස් පළ කළ olympic කමිටුවේ මහලේකම් ධූරයට තරග වදින නූතන පංච ප්‍රයාම ක්‍රීඩා සංගමයේ සභාපති නිශාන්ත පියසේන මහතා මෙහිදී ප්‍රකාශ කළා. Olympic කමිටුවේ ඉදිරි දැක්ම සඳහා කෙටිකාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් රැසක් ක්‍රීඩා සම්මේලන හා සංගම්වල එකමුතුවෙන් මේ වන විටත් සකස් කොට අවසන් බවයි නිශාන්ත පියසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
මෙරට තුළ ක්‍රියාත්මක ක්‍රීඩා සංගම් හා සම්මේලනවල ස්වේච්ඡාවෙන්, කැපකිරීම් රැසක් සිදු කරමින් කටයුතු කරන නිලධාරීන්ට ජාතික ඔලිම්පික් කමිටුව හා එක්ව ජාත්‍යන්තරය හා සමග කටයුතු කිරීමේ විධිමත් ක්‍රියාදාමයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව පැවසූ නිශාන්ත පියසේන මහතා ඒ වෙනුවෙන් සුදුසුකම් ඇති නිලධාරීන්ට නිසි තැන ලබාදීමේ යාන්ත්‍රණයක් සූදානම් කිරීම තමන් ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවත් ප්‍රකාශ කළා.
මෙවර olympic නිලවරණය අප්‍රේල් 25 වැනිද පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් සිය ප්‍රතිපත්ති මාලාව මාධ්‍යයට හඳුන්වාදීම සඳහා කැඳවා තිබූ මෙම අවස්ථාවට ක්‍රීඩා සංගම් හා සම්මේලන විශාල සංඛ්‍යාවක ඉහළ නිලධාරී රැසක් එක්ව සිටියා.





