අද සන්ධ්‍යාවේ නිමාවට පත්වුණු 36 වැනි ජාතික යෞවන ක්‍රිඩා උළෙලේ සමස්ථ සම ශූරතාවය ලකුණු 130 ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කය සහ මහනුවර දිස්ත්‍රික්කය විසින් දිනාගනු ලැබූ අතර, තෙවන ස්ථානය ලකුණු 106 ක් ලබාගත් ගාල්ල දිස්ත්‍රික්කයට හිමිවුණා.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ක්‍රීඩා උළෙල ඔක්තෝම්බර් 31 දා සිට නොවැම්බර් 01 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීයි පැවැත් වුනේ.

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළලේදී නව තරඟ වාර්තා 09 ක් පිහිට වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙනෙන කරුණක්.
නව තරග වාර්තා බිහිකළ ක්‍රීඩක ක්‍රීඩකාවන්…
- අයි.ඒ්.අයි. මිනෝලි ෆ්රනෑන්ඩෝ – උස පැනීම(කාන්තා) (ගම්පහ දිස්ත්‍රික්කය (මී.1.75)
- අයි.ඒස්.ඩබ්. ආරච්චි – තුන් පිම්ම(කාන්තා) (හම්බන්තොට දිස්ත්‍රික්කය (මී. 13.03)
- ජී.ඒ්.ඒ්. පන්සිළු ගිරිදර – මී 800 (ගම්පහ දිස්ත්‍රික්කය (තත්.1.52.63)
- අයි.ඒස්.ඩබ්. ආරච්චි – දුර පැනීම(කාන්තා) (හම්බන්තොට දිස්ත්‍රික්කය (මි.6.14)
- ඒස්.කේ.ඩී. කුමාර් – මී 200 (කෑගල්ල දිස්ත්‍රික්කය (තත්.21.49)
- පී.ඒම්.පී.ඒල්. කොඩිකාර – මී 400 (කුරුණෑගල දිස්ත්‍රික්කය (තත්. 46.44)
- ඒම්.ඩී. චතුරංග – මී 400 කඩුලු පැනීම (කෑගල්ල දිස්ත්‍රික්කය තත් 50.06)
- යූ.ඩී.වයි.ඩබ්. කුමාර – තුන් පිම්ම (ගම්පහ දිස්ත්‍රික්කය මි.16.15)
- මී.400×4 සහාය දිවීම පිරිමි කණ්ඩායම (පී.කේ.පී.පතිරන,ඒම්.ඩී.චතුරංග,ඒස්.කේ.ඩී.කුමාර් ,වයි.ඒ්.ඒ්.ආර්. ජයවර්ධන ) කෑගල්ල දිස්ත්‍රික්කය, ( වි. 3.13.6 )
මෙම ක්‍රීඩා උළෙලේ සමස්ථ සම ශූරතාව දිනාගත් දිස්ත්රික්කයන්ට ශූරතා කුසලානය සමඟින් රු.200,000 බැගින් රු.400,000 ක් ද, තෙවන ස්ථානය දිනාගත් දිස්ත්‍රික්කට රු.100000 ක් ද දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනාට ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 මුදල් තිළිණ පිරිනැමීමටයි ජාතික තරුණ සේවා සභාව කටයුතු බෙදා තිබුණේ.

36 වන යෞවන ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් මීටර් 400 තරඟ ඉසව්වේ (තත්. 54.30) ක දක්ෂතාවයක් දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ්.ඩබ්.ජී.ජේ.ඒස්. විජේතුංග හා දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මීටර් 400 කඩුලු පැනීමේ තරඟ ඉසව්වේ (මී. 50.06)ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් බිහිකල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒම්.ඩී. චතුරංග විසින් දිනාගනු ලැබීය.
මෙහි සමාප්ති සමාචාර උළෙල ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මැතිතුමාගේ හා ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඒස්.අච්චුදන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න යන මහත්වරුන්ගේ හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
