2026 වර්ෂයේ ජාතික කණිෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවයි.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සහ ආසියානු වොලිබෝල් සම්මේලනයේ දින දර්ශනය අනුව 2026 වර්ෂයේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් පහත සඳහන් කණිෂ්ඨ කාන්තා සහ පිරිමි වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර එම කණ්ඩායම් හී පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.
ඒ අනුව CAVA Girl’s U18 Volleyball Championship – 2026 තරඟාවලිය සඳහා ප්‍රධාන පුහුණුකරු,
සහාය පුහුණුකරු හා
අභ්‍යාසක තනතුරු සඳහාත්,CAVA Boy’s U18 Volleyball Championship – 2026 තරගාවලිය සඳහා ප්‍රධාන පුහුණුකරු,
සහාය පුහුණුකරු හා අභ්‍යාසික තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.
මෙම කාන්තා තරගාවලියේ සහාය පුහුණුකරු තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති කාන්තා පුහුණුකාරිනියක් තෝරා ගැනීමට ද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අදහස් කර ඇත. තවද 2026 වර්ෂයේ සහභාගී වන මෙම තරගාවලියන් සඳහා අභ්‍යාසක තෝරා ගැනීමේ දී මෙවර ඉල්ලීම් කරනු ලබන අයදුම්කරු ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ ලියාපදිංචි පාසලක පුහුණුකරුවකු ලෙස සේවය කිරීම අනිවාර්ය බවයි බලධාරීන් පවසන්නේ.
වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබගේ සියලු සුදුසුකම්, දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර, වර්තමාන සේවා ස්ථානය, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, whatsapp අංකය, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) සහ ඡායා රූපයක් අනිවාර්යයෙන් ඇතුලත් කොට ඉල්ලුම් කරන කන්ඩායම සහ ඉල්ලුම් කරන තනතුරු අයදුම්පත්‍රයේ ඉහලින් සඳහන් කර සකස් කරන ලද අයදුම්පතක් මෙහි දක්වා ඇති දිගුව ඔස්සේ පමණක් 2026 පෙබරවාරි මස 02 දිනට ප්‍රථම යොමු කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය නිවේදනය කරනවා.