2025 පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ලැයිස්තුව නිල වශයෙන් නිකුත්කර තිබෙනවා
ඒ අනුව, මෙවර තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 13.88 ක් ලෙසයි.
එය පසුගිය තරගාවලියට සාපේක්ෂව සියයට 297 ක වැඩිවීමක්. තරගාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 4.48 ක් සහ අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 2.24 ක ත්‍යාග මුදල් මෙවර තරගාවලියේදී හිමිවනවා.
එමෙන්ම, අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන 1.12 ක ත්‍යාග මුදලක් හිමි වන බවයි දැක්වෙන්නේ.
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05 වන සහ 06 වන ස්ථාන දිනාගන්නා කණ්ඩායම්වලට ද ඩොලර් 700,000 ක ත්‍යාග මුදලක් පිරිනැමීමටයි සැලසුම් කර ඇත්තේ.
තරගාවලියේ 7 වන සහ 8 වන ස්ථානවල රැදී සිටින කණ්ඩායම් සඳහාද ඩොලර් 280,000 ක මුදලක් හිමි වනවා.
ඊට අමතරව Group Stage තරග වටයේ එක් තරග ජයග්‍රහණයක් සඳහා ඩොලර් 34,314 ක ත්‍යාග මුදලක් ද ජයග්‍රාහී කණ්ඩායම්වලට හිමි වීම ද කැපී පෙනෙනවා.