සමස්ථ ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ බාලිකා සමස්ත ශූරතාව අඩු පහසුකම් සහිත ඉබ්බාගමුව, උදන්විට මහ විදු හල් ක්‍රීඩිකාවන්ට.
පසුගියදා නිමාවට පත්වුණු සමස්ත ලංකා පාසල් කරාතේ ශූරතාවලියේදී දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් 390 ක් අභිභවා සමස්ථ බාලිකා ශූරතාව දිනා ගන්නට ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් උදන්විට මහා විද්‍යාලයේ කරාතේ ක්‍රීඩිකාවන් සමත් වුණා.
සමස්ත තරගාවලියේදී රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනාගන්නට මේ ක්‍රීඩිකාවන් සමත් වුණා.
අඩු පහසුකම් මධ්‍යයේ පුහුණුවීම් සඳහා ක්‍රීඩාගාරයක්වත් නොමැතිව දැඩි කැපවීමකින් යුක්තව කරත්තේ තරග සඳහා එක්වුණු මෙම කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ , 2026.03.10 , විද්‍යාලයේ විදුහල්පතිතුමිය W.D.M. විජේතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ ගුරු සිසු ප්‍රජාවගේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉබ්බාගමුව කලාපයට මෙම ශූරතාවය ගෙන ඒමද විශේෂත්වකි . මෙම පිලිගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක R.M.C.D රත්නායක මහතා සහභාගී වූ අතර , යුනිවර්සල් ෂෝතෝකාන් කරාතේ එක්සත් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂක, ප්‍රධාන උපදේශක Z.A. රවුෆ් මහතා සහ ප්‍රධාන ලේකම් A.M.L.B හේරත් මහතාද ජයග්‍රාහී ක්‍රීඩිකාවන්ට සුභ පැතීම සදහා මෙම අවස්තාව සදහා සහභාගී වී සිටියා.
විද්‍යාලයේ විදුහල්පතිතුමිය ගේ පූර්ණ මගපෙන්වීම යටතේ , කරාතේ භාර ආචාර්ය D.M. නයනා උදයංගනී කුමාරී මහත්මියගේ සහයෝගයෙන්,යුනිවර්සල් ෂෝතෝකාන් කරාතේ එක්සත් සංවිධානයේ (USKU ) ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂක ප්‍රධාන උපදේශක Z.A. රවුෆ් මහතාගේ පූර්ණ අධික්ෂණයෙන්,පාසලේ ක්‍රිඩා පුහුණුකරු වන S.D.S.D ප්‍රදීප් ගුණතිලක මහතාගේ දැඩි කැපවීම හා පුහුණුව මත මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවන බවයි ක්‍රීඩකාවන් සහ දෙමාපියන් පවසන්නේ.
