Athletics Sport

විසිවන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ කරන්නට සියල්ල සූදානම්

විසිවන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ කරන්නට සියල්ල සූදානම්
  • PublishedSeptember 12, 2025

ලෝකයේ අති දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩකාවන් එක්වන, විසිවන ලෝක මලල ක්‍රීඩා ශුරතාවලිය ජපානයේ ටෝකියෝ නුවර දී හෙට (13 ) ආරම්භ වෙනවා.

තමන් කරන ක්‍රීඩාවක ලෝක ශූරතාවයක් ජයග්‍රහණය කිරීම ඕනෑම ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රිඩිකාවකගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගැනීම උදෙසා
මළල ක්‍රීඩාව වෙනුවෙන් වසර දෙකකට වරක් පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියයි ඒ අනුව හෙට ආරම්භ වෙන්නේ.

රටවල් 198 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2202 ක් සැප්තැම්බර් 13 වැනිදා සිට සැප්තැම්බර් 21 වනදා දක්වා මේ වෙනුවෙන් තරග වදිනවා. කාන්තා ඉසව් 24 ක්, පිරිමි ඉසව් 24 ක් සහ එක් මිශ්‍ර ඉසව්වක් සමග රන් පදක්කම් 49 ක් වෙනුවෙන් ඔවුන් පිටියට එක් වීමට නියමිතයි.

ඉතිහාසය විමසීමේදී ශ්‍රී ලංකාවට ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලි වල පදක්කම් 2 ක් හිමිව තිබෙනවා. ඒ පදක්කම් දෙකේම හිමිකාරිනිය වෙන්නේ සුසන්තිකා ජයසිංහ. 1997 ඇතැන්ස් ක්‍රීඩා උළෙලේදී මීටර් 200 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් සහ 2007 ඔසකා ක්‍රීඩා උළෙලේදී මීටර් 200 ඉසව්වටම ලෝකඩ පදක්කමක් ලෙස සුසන්තිකා මේ ජයග්‍රහණයන් හිමිකර ගත්තා.

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් තිදෙනෙකු එක්ව සිටිනවා. හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්ව වෙනුවෙන් රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ ත් මීටර 400 කාන්තා ඉසව්ව වෙනුවෙන් නදීෂා රාමනායකත් මෙවර තරග වැදීමට සූදානමින් පසු වෙනවා.