Sport

තරඟයෙන් තරඟය ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි… නායක චරිත් අසලංක

තරඟයෙන් තරඟය ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි… නායක චරිත් අසලංක
  • PublishedSeptember 14, 2025

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගිත්වය සනිටුහන් කරමින් අද බංගලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟයට කණ්ඩායමේ ක්‍රීඩකයින් උපරිමයෙන් සූදානම් බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. අත්දැකීම් බහුල වනිදු හසරංග ඇතුළු සංචිතයේ සියලු ක්‍රීඩකයින් උපරිම හැකියාවන් පෙන්වන්නට සූදානමින් පසුවෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ පැවසුවා. බොහෝ දුරට වේගපන්දය වන්නන් තිදෙනකුගෙන් යුක්තව තරග වෑදීමේ බලාපොරොත්තුවක් පවතින බවත් , පිතිකරු අංශය ශක්තිමත් කිරීමේ පූර්ණ වගකීම් පළමු පිතිකරුවන් සිව් දෙනා වෙත පැවරෙන බවත් අවසන් මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළා. තරගාවලියේ අවසන් ඉලක්ක කෙරෙහි අවධානයට යොමු කරනවාට වඩා තරගයෙන් තරගයේ සැලසුම් සකස් කරමින් ඉදිරියට යාම තමන් ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තු වූ බවයි චරිත් අසලංක වැඩිදුරටත් පැවසුවේ.