National Other Sports

වසර 21කට පසු යලිLanka Ride පාපැදි සවාරිය ජනවාරි 16 වැනිදා ඇරඹේ….!

වසර 21කට පසු යලිLanka Ride පාපැදි සවාරිය ජනවාරි 16 වැනිදා ඇරඹේ….!
  • PublishedJanuary 12, 2026

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය එක්ව සංවිධානය කර Lanka Ride දීපව්‍යාප්ත පාපැදි සවාරිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (12දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් , තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුමිත් ශාන්ත, අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ දිලුම් දයාරත්න සහ ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශන කළමනාකරු ජයමහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඒ අනුව,ජනවාරි 16 පෙරවරු 9.00 ට කොළඹ ලේක්හවුස් ආයතනය අසලින් ආරම්භ වන තරගය පෑලියගොඩ දක්වා ‘සංකේතාත්මක ගමනක්’ (Free Ride) ලෙස පැමිණෙන අතර, නිල තරඟය පෑලියගොඩින් ආරම්භ වීමට නියමිතයි. කිලෝමීටර් 105 ක දුරක් ගෙවා එදින පස්වරු 12.30 ට පමණ මහනුවර ගන්නෝරුවෙන් පළමු අදියර අවසන් කිරීමටත් මහනුවර සිට අනුරාධපුරය දක්වා වන කිලෝමීටර් 135.5 ක දුර කින් යුක්ත දෙවන අදියර 17 වෙනදාත් පැවැත්වෙනවා.තරඟයේ තෙවන දිනය හෙවත් අවසන් දිනය අනුරාධපුරයේ සිට පුත්තලම පාර හරහා කොළඹ දක්වා කිලෝමීටර් 208 ක දුරක් ගෙවා පැමිණෙන අතර, තරඟය කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසලින් නිමාවට පත් කිරීමටයි සංවිධායකයින් බලාපොරොත්තු වෙන්නේ.

ත්‍යාග ප්‍රදානෝත්සවය 18 වෙනිදා පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියට සහභාගී වන සෑම ක්‍රීඩකයෙකුටම දිනකට රුපියල් 5,000 ක අතිරේක දීමනාවක් ලබා දෙන අතර ප්‍රදානය කරන සමස්ත ත්‍යාග මුදල් පහත පරිදි දැක්වේ.

අදියර ජයග්‍රහකයින් සඳහා,
1 වැනි ස්ථානය – රු. 50,000,
2 වැනි ස්ථානය – රු. 30,000,
3 වැනි ස්ථානය – රු. 20,000,
4 වැනි ස්ථානය – රු. 15,000,
5 වැනි ස්ථානය – රු. 10,000.

සමස්ත තරඟයේ ජයග්‍රහකයින් සඳහා,
1 වැනි ස්ථානය – රු. 600,000
2 වැනි ස්ථානය – රු. 500,000
3 වැනි ස්ථානය – රු. 400,000
4 වැනි ස්ථානය – රු. 300,000
5 වැනි ස්ථානය – රු. 200,000
6 සිට 10 දක්වා – රු. 100,000 බැගින්
11 සිට 15 දක්වා – රු. 75,000 බැගින්
16 සිට 20 දක්වා – රු. 50,000 බැගින්
21 සිට 25 දක්වා – රු. 25,000 බැගින්

විශේෂ ත්‍යාග

වේගවත්ම ක්‍රීඩකයා (Best Sprinter) – රු. 100,000,
King of the Mountain – රු. 100,000,
අනුශූරතාවය – රු. 100,000,

හොඳම යොවුන් පාපැදිකරු – රු. 200,000 සහ හොඳම කණ්ඩායම – රු. 200,000.