Basketball Schools

වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා පාසල් බාලිකා පැසිපන්දු තරගාවලිය

වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා පාසල් බාලිකා පැසිපන්දු තරගාවලිය
  • PublishedSeptember 15, 2025

වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා පාසල් බාලිකා පැසිපන්දු තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණේ ශූරතාව නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා කණ්ඩායමට හිමිකර දෙමින්. අනුශූරතාව බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්නයාරාම බාලිකා කණ්ඩායම හිමිකරගත්තා. මෙවර සමස්ත තරගාවලියේ තෙවන ස්ථානය හිමි කරගන්නට සමත් වුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක බාලිකාවන් විසින් වීම විශේෂත්වයක්. තෙවැනි ස්ථානය සඳහා මහනුවර උසස් බාලිකා කණ්ඩායම සමග පැවති තරඟයේදී 30-25 ක විශිෂ්ට ජයක් හිමිකර ගන්නට අම්බලන්ගොඩ ධර්මාශෝක ක්‍රීඩිකාවන් සමත් වුණා. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පැසපන්දු ක්‍රීඩා ඉතිහාසය තුළ මෙම ජයග්‍රහණය වාර්තාගත සිදුවීමක් ලෙසයි විදුහල්පතිතුමන් “කෙළිසර”ට ප්‍රකාශ කළේ.

තෙවන ස්ථානය දිනූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් බාලිකා කණ්ඩායම..