ජාතික ඔලිපික් කමිටුවේ මහා සභාව සහ නිලවරණය අප්‍රේල් 25 වැනි දා
ශ්‍රී ලංකා ජාතික ඔලිපික් කමිටුවේ මහා සභාව සහ නිලවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ පූර්ණ අනුමැතිය ලබා දී ඇතැයි එහි සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතා අද ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ජාතික olympic කමිටුවේ පසුගිය දස වසරක අයවැය සම්බන්ධ වෝහාරික විගණනයක් මේ වන විට සිදු කරමින් පවතින බවත්, කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව විනය කමිටුව මගින් පරීක්ෂණ කිහිපයක් සිදු කරමින් පවතින බවත්, එම වාර්තා බොහෝ දුරට අප්‍රේල් 25 වැනිදාට පෙර නිකුත් කළ හැකි බව තමන් විශ්වාස කරන බවත් සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ක්‍රීඩාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් රටට අවශ්‍ය ඔලිමපික් ජයග්‍රහණ වෙනුවෙන් ඉදිරි ගමන්මග නිර්මාණය කිරීම පසුගිය කාලය තුළ තමන් ඇතුළු විධායක සභාවේ ප්‍රධාන අරමුණ වූ බවයි සුරේෂ් සුබ්‍රමනියම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඉදිරි නිලවරණයේදී olympic කමිටුවේ සභාපති ධූරය සඳහා තමන් තරග වදින බව වත්මන් උප සභාපති ශිරන්ත පීරිස් මහතා මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. ක්‍රීඩාවේ විනය, හැකියාවන්, අධ්‍යාපනය සහ රටේ චෑග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයන්ට මුල්තැනදී කටයුතු කිරීම තමන්ගේ බලාපොරොත්තු වූ බවයි ශිරන්ත පීරිස් මහතා මේ දී ප්‍රකාශ කළේ.
ජාතික olympic කමිටුවේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුවට මහලේකම් රිෆ්ඩි ෆාමි, උපසභාපතිවරුන්වන නිලූ ජයතිලක, ශිරන්ත පීරිස්, දේවා හෙන්රි සහ භාණ්ඩාගාරික ප්‍රීති විරාජ් පෙරේරා යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.





