ක්‍රීඩාව පිළිබඳව ලෝක මට්ටමේ රාජ්‍ය සමුළුවක් ඩුබායි හිදී.
ඩුබායි හි පැවැත්වෙන 2026 ලෝක රාජ්‍ය සමුළුවට සමගාමීව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවන ව්‍යුහාත්මක වෙනස්කම් සහ එහි අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉහළ මට්ටමේ වට මේස සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු රටවල් කිහිපයක ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ජාත්‍යන්තර ක්‍රීඩා නිලධාරීන් සහභාගී වූහ.
තාක්ෂණය, දත්ත විශ්ලේෂණය (Data), කෘතිම බුද්ධිය (AI) සහ ගෝලීය සම්බන්ධතාවන් හමුවේ ක්‍රීඩාව හුදු විනෝදාස්වාදයකින් ඔබ්බට ගොස් සමාජයේ ප්‍රධාන මෙවලමක් බවට පත්වෙමින් තිබේ. මෙම වට මේස සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු කිහිපයකි.
කෘත්‍රිම බුද්ධිය සහ ඉමර්සිව් මාධ්‍ය (Immersive Media) ක්‍රීඩාව පාලනය කිරීමට සහ අත්විඳීමට යොදාගන්නා ආකාරය පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
ක්‍රීඩාව මහජන සෞඛ්‍යය, තරුණ සංවර්ධනය සහ ජාතික අනන්‍යතාවය සඳහා උපායමාර්ගික මෙවලමක් ලෙස භාවිත කිරීම පිළිබඳව ද මෙහි දී අවදානය යොමු විය.
නැගී එන තාක්ෂණයන්ට ගැලපෙන පරිදි ක්‍රීඩා පාලනය සහ මූල්‍යකරණය නීතිගත කිරීම, ඩිජිටල් යුගයේදී සෑම දෙනාටම ක්‍රීඩාව සඳහා සමාන අවස්ථා ලබාදීම පිළිබඳව මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරුණි.
සුනිල් කුමාර ගමගේ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය, ශ්‍රී ලංකාව.
අහමඩ් බින් අබ්දුල්ලා බෙල්හූල් අල්ෆලාසි මහතා – ක්‍රීඩා අමාත්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE).
ගිල්ඩා ඇල්සිවර් ගාර්ෂියා මහත්මිය – අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය, ඉක්වදෝරය.
ආචාර්ය නෝරා බයිරක්ඩරින් මහත්මිය – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ලෙබනනය.
සාදොක් මූරලි මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ටියුනීසියාව.
කැල්සි බෙලා මහත්මිය – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සීෂෙල්ස් රාජ්‍යය.
ගයිටන් මැකෙන්සි මහතා – ක්‍රීඩා, කලා හා සංස්කෘතික අමාත්‍ය, දකුණු අප්‍රිකාව. යන මැති ඇමතිවරුන් සමග
ලෝක ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල නියෝජිතයන් රැසක් මේ සඳහා එක්ව සිටියහ.


