Sri Lanka tour of Zimbabwe 2025 : Everything you need to know about Sri lanka vs Zimbabwe 1st ODI 2025 and Where to watch.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර පනහ පළමු එක්දින තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.00 ට හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතයි. පන්දු වාර පනහ එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනක් මේ තරඟ සංචාරයට ඇතුළත්. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ වන විට එක්දින තරග 64 ක් පවත්වා ඇති අතර එයින් තරග 49 ක් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාවට හැකිවුණා.
කණ්ඩායම් දෙකම ඊයේ දිනයේදී තමන්ගේ අවසන් පුහුණු සැසිවාරයන්ට එක්වූ අතර සියලු ක්‍රීඩකයින් මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්තව තරඟයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් පසුවෙන බවයි කණ්ඩායම් දෙකේ නායකයින් පවසන්නේ.
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට රැඳී සිටින්නේ සිව්වන ස්ථානයේ යි. සිම්බාබ්වේ කණ්ඩායම එක් දින කණ්ඩායම් වර්ගීකරණයේ 11 වන තැන පසුවෙනවා.
තරගයේ සජීව විකාශයන් සුප්‍රීම් ටීවී ඔස්සේ මෙන්ම dialog tv හා පියෝ tv පාරිභෝගිකයන්ට පපරේ නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.
තරඟයට නම් කර ඇති සංචිතයන්.
Sri Lanka ODI Squad
Janith Liyanage, Nuwanidu Fernando, Pathum Nissanka, Pavan Rathnayake, Charith Asalanka (c), Dunith Wellalage, Kamindu Mendis, Kusal Mendis (wk), Nishan Madushka (wk), Sadeera Samarawickrama (wk), Asitha Fernando, Dilshan Madushanka, Dushmantha Chameera, Jeffrey Vandersay, Maheesh Theekshana, Milan Rathnayake
Zimbabwe ODI Squad
Ben Curran, Craig Ervine (c), Brad Evans, Brian Bennett, Ernest Masuku, Johnathan Campbell, Sean Williams, Sikandar Raza, Tony Munyonga, Wessly Madhevere, Brendan Taylor (wk), Clive Madande (wk), Blessing Muzarabani, Newman Nyamhuri, Richard Ngarava, Trevor Gwandu