එළැඹෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සැකසූ නිල ඇඟලුම් හඳුන්වාදීමේ උත්සවය අද සවස කොළඹ දී පැවැත්වුණා. ශ්‍රී ලාංකීය සාඩම්බරය මෙන්ම අභිමානය පෙන්නුම් කෙරෙන අයුරින් සහ දේශගුණික ක්‍රියාදාමයන්ට ගැලපෙන ලෙසත්, ක්‍රීඩකයන්ට ශාරීරිකව පහසුව ඇතිවන ලෙසත් මෙම ඇඟලුම් නිර්මාණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඟලුම් අනුග්‍රාහක moose clothing company ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
නිල ඇඟලුම් එළිදැක්වීමේ උළෙලට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවසුවේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ජයග්‍රහණයේ අරමුණ වෙනුවෙන් ශාරීරිකව හා මානසිකව ශක්තිමත්ව පසුවන බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා , moose clothing company ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සමග මහිෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ ඇතුළු ක්‍රීඩකයන් හා ආරාධිතයන් රැසක් එක්ව සිටියා.



