Sport

ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලට National Youth Sports Fest

ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලට National Youth Sports Fest
  • PublishedJuly 10, 2021

ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලට National Youth Sports Fest පිටිවහලක් වනු ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල – 2025 (National Youth Sports Fest 2025) පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.

National Youth Sports Fest මාස හතරක කාලයක් ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. ඒ අනුව යූත් ක්ලබ් හි සාමාජිකත්වය දරණ තරුණ තරුණියන්ට මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී විය හැකිය. ඒ අනුව මේ වන විට ප්‍රාදේශීය මට්ටමේ කණ්ඩායම් තරඟ ඉසව් ආරම්භ වී ඇත. මෙහි ජාතික මට්ටමේ තරග ඉසව් දෙසැම්බර් මස 19 වැනි දා සිට 21වැනි දා දක්වා දියගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩාව කාය ශක්තිය මත පමණක් පදනම්ව තිබූ කාලය අවසන් වී ඇති බවත්, නව තාක්ෂණය දැනුම ක්‍රීඩාව තුළට පැමිණ ඇති බවත්, එම නව තාක්ෂණය සහ දැනුම මෙරට තාරුණ්‍යයට ලබාදීම වෙනුවෙන් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න පැවසුවේ National Youth Sports Fest 2025 සඳහා නව තරඟ ඉසව් තුනක් හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව පිහිනුම්,බැඩ් මින්ටන් හා චෙස් තරඟ මේ සඳහා අලුතින් හඳුන්වා දී තිබෙනවා.

ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල සඳහා ලබාදුන් ප්‍රතිපාදන සීමාව ඉහළ දැමීමට කටයුතු කළ බව ද සභාපතිවරයා මෙහි දී පැවසුවා. එමෙන්ම ජාතික මට්ටමේ තරඟ පැවැත්වෙන කාල සීමාවේ දී පාසල් ආශ්‍රිතව නේවාසික කිරීම වෙනුවට ක්‍රීඩක ක්‍රීඩකාවන් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇති බව ද සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව නේවාසික මුදල් , ආහාර මුදල්, ගමන් වියදම් හා පෝෂණ දීමනා ලබාදීමට නියමිත බවයි.