Sport

COPA SIMHA ජාත්‍යන්තර යෞවන පාපන්දු තරඟාවලිය LSR සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

COPA SIMHA ජාත්‍යන්තර යෞවන පාපන්දු තරඟාවලිය LSR සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
  • PublishedJanuary 27, 2026

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධානයක් වන ලංකා ස්පෝර්ට්රයිසන් (LSR), තම නවතම යෞවන ක්‍රීඩා හඳුන්වාදීම වන “කෝපා සිම්හ” ජාත්‍යන්තර යොවුන් පාපන්දු තරඟාවලිය 2026 අප්‍රේල් 25 හා 26 දින කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත බව අද නිල වශයෙන් නිවේදනය කළා. “කෝපා – සිම්හ” තරඟාවලියේ පළමු අදියර අවුරුදු 12 ට අඩු පිරිමි (U12 Boys) කාණ්ඩය සඳහා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවෙන් මෙන්ම විදේශීය කණ්ඩායම්ද මෙයට සහභාගී වීමට නියමිත බවයි සංවිධායකයින් ප්‍රකාශ කළේ.

දශක ගණනාවක් පුරා, LSR ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා උත්සව සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ සාර්ථක ක්‍රියාත්මක කිරීමේදී මූලික භූමිකාවක් ඉටු කර ඇති අතර එහි සාර්ථක ක්‍රීඩා ඉතිහාසයට වාර්ෂිකව දහස් ගණන් දේශීය හා ජාත්‍යන්තර ධාවකයන් එක්වන LSR කොළඹ මැරතන් තරඟය, ශ්‍රී ලංකා T-CUP වෙරළෙන් වෙරළට මාර්ග පාපැදි තරඟාවලිය, Rumble in the Jungle මවුන්ටන් බයික් ශූරතාවලිය, සහ ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය පුරා පැවැත්වෙන ජාත්‍යන්තර හා දේශීය සර්ෆින් තරගාවලි රැසක් ඇතුළත් වේ. මෙම සියලු උත්සව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව, වෘත්තීයභාවය, ආරක්ෂාව සහ ධනාත්මක හවුල්කරුවන්ගේ සහයෝගිතාවට විශේෂ අවධානය යොමු කරමින් කළමනාකරණය කර ඇත පැවැත්වීම තම ප්‍රධානතම බලාපොරොත්තුව බවයි ලංකා ස්පෝර්ට්රයිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා මෙහිදී පැවසුවේ. අද පැවති මෙම මාධ්‍ය හමුවට SINGA cup පාපන්දු තරගාවලියේ කළමනාකාර අධ්‍යක්ෂ සෙල්වකුමාර් පනේර් සෙල්වම් මහතා ද එක්ව සිටියා.

ශ්‍රී ලංකාව තරඟකාරී සහ ආකර්ෂණීය ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන දැක්මට අනුකූලව, LSR යෞවන සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව සහ ආර්ථික ප්‍රතිලාභ වර්ධනයට දායක වන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සහාය දක්වන්නන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම මෙන්ම, ගෝලීය ක්‍රීඩා පරිසරය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීමද සංවිධානයේ ප්‍රධාන අරමුණක් බව වීරසිංහ මහතා වැඩිදුරටත් අනාවරණය කළා.

2026 ක්‍රීඩා දිනදසුනේ කොටසක් ලෙස, LSR විසින් කෝපා සිම්හ – U12 පිරිමි පාපන්දු තරඟාවලිය පැවැත්වෙන අතර, මෙය යෞවන ක්‍රීඩකයන්ට වටිනා ජාත්‍යන්තර අත්දැකීම්, තරඟකාරී තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථා සහ විවිධ සංස්කෘතික පසුබිම් අතර සබඳතා ගොඩනැගීම සඳහා නිර්මාණය කර තිබෙනවා. ක්‍රීඩා කාර්ය සාධනයට පමණක් සීමා නොවී, මෙම උත්සවය පාපන්දු ක්‍රීඩාවේ මූලික මට්ටමේ සංවර්ධනය, යෞවන ක්‍රීඩා ප්‍රමිතීන් උසස් කිරීම සහ ශ්‍රී ලාංකීය හා ජාත්‍යන්තර පාපන්දු ප්‍රජාවන් අතර දිගුකාලීන සබඳතා වර්ධනය කිරීමද අරමුණු කර ගණිමින් පවත්වන්නට බලාපොරොත්තු වන බවත් ගනිමින් පවත්වන්නට බලාපොරොත්තු වන බවත් අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.

ක්‍රීඩා උරුමය, ආගන්තුක සත්කාරය සහ පහසු ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධ කොළඹ නගරයේ පැවැත්වෙන කෝපා සිම්හ, පිළිගත් පාපන්දු නියමයන්ට අනුකූලව සංවිධානය කරනු ලබන අතර, සාධාරණ ක්‍රීඩාව, ආරක්ෂාව සහ ධනාත්මක ක්‍රීඩා වටිනාකම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. තරඟ කාලසටහන් සකස් කිරීම, ක්‍රීඩා පිටි සම්බන්ධීකරණය, පිටි නඩත්තු, ආරක්ෂාව, වෛද්‍ය සේවා සහ සම්පූර්ණ උත්සව කළමනාකරණය LSR විසින් සිදු කරනු ලබන අතර, එකමුතු සහ ගුණාත්මක තරඟ අත්දැකීමක් සහතික කරනු ඇත.

LSRහි අදහසට අනුව, යෞවන පාපන්දු යනු තරඟයකට පමණක් සීමා නොවන අතර, එය චරිත ගොඩනැගීම, ඉගෙනීම සහ ප්‍රේරණය නියෝජනය කරයි. කෝපා සිම්හ හරහා, විශ්වාසය, විනය සහ ගෝලීය දැක්මෙන් යුත් යෞවන ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම, ජාත්‍යන්තර යෞවන ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව හිතකාමී සහ තරඟකාරී ගමනාන්තයක් ලෙස ඇති කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කිරීම LSRහි අරමුණ බවත් මෙහිදී අනාවරණය වුණා.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 0112-824500 දුරකථනයෙන් ලංකා ස්පෝර්ට් රයිසන් ආයතනය අමතා ලබා ගත හැකියි.