Athletics

BWF ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවටරිදී පදක්කම් 3ක්

BWF ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවටරිදී පදක්කම් 3ක්
  • PublishedSeptember 15, 2025

තායිලන්තයේ පතායා නුවර පැවැති ලෝක බැඩ්මින්ටන් සම්මේලන ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගාවලියේ අවුරුදු 50 වයස් කාණ්ඩයේ කාන්තා ඒකල රිදී පදක්කමට හිමිකම් කී ශ්‍රී ලංකාවේ හිටපු ජාතික ශූරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා අවසන් මහා තරගයේදී ඩෙන්මාර්කයේ ජේන් වැංග් නීල්සන් හමුවේ ලකුණු 19-21ක් සහ 21-23ක් ලෙස පරාජයට පත්වූයේ තියුණු තරගයකින් පසුවයි.

අවුරුදු 35 වයස් කාණ්ඩයේ පිරිමි ඒකල අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න තායිලන්තයේ සුපන්යු අවිහින්ග්සනොන්ට එරෙහිව ප්‍රබල තරඟයක් ලබා දුන්නා. පළමු වටයේදී ලකුණු 6-21කින් පරාජයට පත්වූවද, දෙවැනි වටයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයා දැඩි පසුබෑමකට ලක් කරමින් ලකුණු 21-9ක ජයක් වාර්තා කිරීමට නිලූක සමත්වූ අතර, තියුණු මුහුණුවරක් ගත් අවසන් වටයේදී ලකුණු 18-21 සියුම් පරාජයක් ලැබීම අවාසනාවක්.
.
ඉන්දුනීසියාවේ උනාංග් රහ්මත් සමඟ එක්ව අවුරුදු 40 වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල අවසන් තරගයට ක්‍රීඩා කළ නදීෂා ගයාත්‍රි එහිදී තියුණු සටනකින් පසු ලකුණු 18-21ක් සහ 11-21ක් ලෙස එම්. මුහම්මද් සහ ජේ. පැට්‍රික් හමුවේ පරාජයට පත් වුණා.