17 වන ආසියානු කුසලාන 20-20 එක්දින ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ කරන්නට දැන් සියලු කටයුතු සූදානම්. රටවල් අටක් එක්වන මෙවර ආසියානු කුසලාන 20-20 එක්දින තරගාවලියේ පළමු තරඟය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ හොංකොං කණ්ඩායම සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම අතරයි. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය සැප්තැම්බර් 13 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙනවා. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරන්නට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන 2020 ක්‍රිකට් ලීග් තරගාවලියේදී පෙන්වූ දක්ෂතා මත යොවුන් ක්‍රීඩකයින් වන නුවණිදු ප්‍රනාන්දු සහ කමිල් මිශාර සංචිතයට එක් කර තිබීම කැපී පෙනෙන කරුණක්.
නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය
Charith Asalanka (c) Pathum Nissanka
Kusal Mendis
Kusal Perera
Nuwanidu Fernando Kamindu Mendis
Kamil Mishara
Dasun Shanaka
Wanindu Hasaranga Dunith Wellalage Chamika Karunaratne Maheesh Theekshana Dushmantha Chameera Binura Fernando
Nuwan Thushara Matheesha Pathirana