Features

84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ ශූරතාව පොලිස් විශේෂ කාර්ය බලකායට

84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ ශූරතාව පොලිස් විශේෂ කාර්ය බලකායට
  • PublishedSeptember 15, 2025

84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන් හා දක්ෂතම මළල ක්‍රීඩකයින් ලෙස ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා, පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් සම්මාන දිනා ගැනීමට සමත් වුණා. මෙවර තරගාවලියේ සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හිමි කර ගනිද්දි සමස්ථ ශුරතාව සඳහා වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනුයි හිමි කරගත්තේ. සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණු අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය අතින් ත්‍යාග ප්‍රධානය සිදුකෙරුණා.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ක්‍රීඩාව, සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නොව, නිරෝගීමත් විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමට අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල, තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, තරුණ කටයුතු සහ ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩර, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ සභාපති නීතීඥ රංග දිසානායක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.