දිගාමඩුල්ලේ දිය කිඳුරිය මිනුකි තෙහාරා වගආරච්චි.
පිහිණුම් ක්‍රිඩාව රටතුල ව්‍යාප්ත වෙමින් තිබෙන අවධියක අම්පාර දිස්ත්‍රික්කයේ ද පිහිණුම් ක්‍රිඩාව සදහා ඇති උනන්දුව වැඩිවෙමින් පවතී.පසුගියදා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවති 2025 සමස්ත ලංකා ජාතික පාසල් පිහිනුම් ක්‍රීඩා තරගාවලියේදී අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් තරගාවලියට සහාභාගිවු මිනුකි තෙහාරා වගආරච්චි සිසුවිය ජාතික තලයේ ජයග්‍රහණ තුනක් ලබා ගැනිමට සමත්වුවාය .
ඇය සහභාගි වූ ළය ආර 100m හා 200m ඉසව්වලින් දෙවැනි ස්ථානය ලබා රිදී පදක්කම් දෙකකුත් , ළය ආර 50m ඉසව්වෙන් තෙවැනි ස්ථානය ලබා ලෝකඩ පදක්කමකුත් දිනා ගැනීමට මිනුකි සමත් විය.එම ඉසව්වලින් ඇයගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් ඇය විසින්ම පිහිටුවා තිබූ නැගෙනහිර පළාත් වාර්තා යළිත් වරක් අලුත් කිරීමට මිනුකි තෙහාරා වගආරච්චි සිසුවිය හැකි විම විශේෂත්වයකි.
මෙවර නැගෙනහිර පළාත වෙනුවෙන් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩිකාව වූයේ ද ඇයයි.සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලියේදි ඇය සිව් වතාවකදී පදක්කම් 9යක් ජයග්‍රහණය කර තිබේ.නැගෙනහිර පළාත වෙනුවෙන් වැඩිම වාර ගණනකදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩිකාව වශයෙන් වාර්තාවක් තැබිමටද මිනුකි තෙහාරා වග ආරච්චි සිසුවිය සමත්වි තිබේ.
පුහුණුවීම් කටයුතු සිදුකර ගැනීමට නොහැකිව විවිධ බාධක පැමිණ තරඟාවලිය අතහැර දැමීමට ඇය සූදානම්ව සිටියත් කුඩාකල සිට දරුවන්ගේ ප්‍රධාන ක්‍රීඩා පිහිණුම් උපදේශක ලෙස කටයුතු කල M.ඉන්දික කුමාර මහතා විදේශගතව සිටියදිත් ඔහුගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගනිමින් සහය පුහුණුකරු ලෙස කටයුතු කල නාමල් ජයසිංහ මහතා සමඟ එක්වී මෙම ජයග්‍රහණය ලබා ගැනිමට ඇයට හැකිව තිබේ.
මෙම ජයග්‍රහණය සදහා විශාල ශක්තියක් වෙමින් නිවැරදි විද්‍යානුකූල පෝෂණ වැඩ සටහනක් හා ශාරීරික ව්‍යායාම පුහුණුව ලබාදුන් FITMO ආයතනයේ ප්‍රධාන උපදේශක බුද්ධික උක්වත්ත මහතා හා දෙමාපින්ගේ කැපවිම මත මෙම ජයග්‍රහණය නැගෙනහිර පළාතට ගෙන ඒමට මිනුකි තෙහාරා වගආරච්චි සිසුවියට හැකියාව ලැබිණි.