ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා මල්ශාන්. ක්‍රීඩිකාව සයුරි
නිමාවට පත්වුණු හතළිස් නමවැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගන්නට බස්නාහිර පළාත නියෝජනය කළ තුන් පිම්ම ක්‍රීඩක ඒ. ඒ. පී. මල්ශාන් සමත් වුණා. තම ඉසව්වේ දී මීටර් දහසයයි දශම තුනයි හතක (16.37) දක්ෂතාවක් පෙන්වූ මල්ශාන් නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවන්නට සමත් වුණා.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවක් බවට පත්වුණේ කාන්තා මීටර් 400 ඉසව්ව තප්පර 54.60 කින් නිමකළ බස්නාහිර පළාතේ බී. සයුරි ලක්ෂිමා ක්‍රීඩිකාවයි.