Sports Sociology

ක්‍රීඩාවේ සමාජ විද්‍යාව

ක්‍රීඩාවේ සමාජ විද්‍යාව
  • PublishedSeptember 15, 2025

ක්‍රීඩාවේ සමාජ විද්‍යාව යනු ක්‍රීඩාව සමාජමය සංසිද්ධියක් ලෙස සලකනු ලබන සමාජ විද්‍යාවේ එක් ‍‍ක්ෂේත්‍රයකි. මෙය ක්‍රීඩාවේ ‍සමාජ හා සංස්කෘතිමය ව්‍යුහයත්, රටා හා සංවිධානය හෝ ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් කේන්ද්‍ර ගත කර ඇත.

ක්‍රීඩාව දෙස විවිධ දෘෂ්ටිකෝණ වලින් බැලිය හැකිය. මේ නිසා බොහෝ විට ද්විමය-බෙදීම් ක්‍රීඩාවේ පවතී. උදාහරණ ලෙස පිරිමි-ගැහැණු, වෘත්තීය-ආධුනික, ක්‍රියාශීලි-අක්‍රියාශීලි වැනි සම්ප්‍රදායන් බිඳ දමන සුසමාදර්ශ ක්‍රීඩාව තුළද ඇත.එම නිසා මේ බෙදීම් තරග කළ හැකි ක්‍රියාවන් ලෙස අධ්‍යයනය කරනු ලබයි. ඊට හේතුව වන්නේ මෙම ක්‍රීඩා විවිධ මත දරන පිරිස් හා ජනයා අතර කේන්ද්‍රව සිදුකෙරන ක්‍රියාවන් වීමයි.

ක්‍රීඩාවේ සමාජ විද්‍යාව පිළිබඳ මුල්වරට හැදෑරීම් සිදුවන්නේ 19 වැනි ශතවර්ෂයේ දී පමණය.එනම් තරඟ කිරීමේ හා පියවර තැබීමේ සමාජ මනෝවිද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ වීමත් සමඟය. තවද ජොහෑන් හුයිසින්ගා (Johan Huizinga) ගේ “Homo Ludens ” න්‍යායද, තොර්ස්ටීන් වෙබ්ලන්(Thorstein Veblen) ගේ “විවේකී පංතියේ න්‍යාය”ද (Theory of Leisure Class) මගින් ක්‍රීඩාව පිළිබඳව පළමුවරට වඩාත් සාමාන්‍යය ආකාරයට සදහන් කර තිබේ. මෙය මිනිස් සංස්කෘතිය හා බැඳුනු ක්‍රීඩාවල සංස්කෘතිය මානව විද්‍යාවන්ට පරිබාහිරව හැදැරීමකි.