Features

රනිත්මා සහ විරේන් ලෝක වර්ගීකරණයේ ඉදිරියට.

රනිත්මා සහ විරේන් ලෝක වර්ගීකරණයේ ඉදිරියට.
  • PublishedSeptember 12, 2025

ලෝක බැඩ්මින්ටන් අලුත්ම ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම් වලට අනුව කනිෂ්ඨ අංශයේ ලොව පස්වැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික ශූරිය රනිත්මා ලියනගේ සමත් වුණා.

18 හැවිරිදි රනිත්මා ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම්හි ද ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින් 101 වන ස්ථානය හිමිකරගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.

ඇය එංගලන්ත කනිෂ්ඨ කේවල බැඩ්මින්ටන් ශූරතාවය දිනාගන්නට පසුගිය මාසයේදී සමත් වූ අතර ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ ද අවසන් 32 වටය තෙක් ඉදිරියට පැමිණීමට සමත් වුණා.

මේ අතර විරේන් නෙත්තසිංහ ද සිය හොදම ශ්‍රේණිගතකිරීම් ස්ථානය වාර්තා කරමින් ලෝක වර්ගීකරණය 58 වන ස්ථානය හිමිකරගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු ලෝක ශූරතාවලියේ දැක්වූ දක්ෂතා හමුවේ ස්ථාන 18කින් ඉදිරියට පැමිණ තිබෙනවා.