නෙට්බෝල් නිලවරණයෙන් සභාපති පුටුව වජිරාට. ලේකම් දමයන්ති.
වජිරා ජානකී නෙත්තිකුමාර ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති තනතුරට වැඩි ඡන්ද 12කින් තේරී පත්වූවාය. වජිරා ඡන්ද 16 ක් ලබාගත් අතර, ප්‍රතිවාදී අපේක්ෂිකා ඩෙසිකා .පි. විතාරණට හිමි වුයේ ඡන්ද 4 පමණි.
සභාපති තනතුරට නාමයෝජනා ලබාදී තිබූ වජිරා නෙත්තිකුමාරගේ දියණිය වූ සාරා නෙත්තිකුමාර සිය නාම යෝජනාව අවසන් මොහොතේ ඉවත් කර ගනිමින් සභාපති සටනින් ඉවත් වී තිබුණි.
ලේකම් ධූරය සඳහා රත්නපුර දිස්ත්‍රික් සංගමයේ ශිරෝමි කුරුප්පු හා ගම්පහ දිස්ත්‍රික් සංගමයේ දමයන්ති ජයතිලක අතර පැවති තරඟයෙන් දමයන්ති ජයතිලක ජයග්‍රහණය කරනු ලැබුවේ 17/07 ක ඡන්ද පරතරයක් සහිතවය.
උප සභාපති තනතුරු දෙක වෙනුවෙන් පැවති තරඟයේදී කුමාරිහාමි තෙන්නකෝන් (ඡන්ද 19), තමාරා පරගොඩ ලියනගේ (ඡන්ද 13) හා කුමුදුනී ගෝමස් (ඡන්ද 11) බැගින් ලබාගෙන තිබුණි. ඒ අනුව කුමාරිහාමි තෙන්නකෝන් මහත්මිය සහ තමරා පරගොඩ ලියනගේ මහත්මිය උප සභාපතිවරියන් ලෙස පත් වූහ. එහි විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම ක්‍රීඩා අමාත්‍යාංශයේ නෙට්බෝල් ව්‍යාපෘති නිලධාරීන් ලෙස සේවය කර තිබීමය.
උප ලේකම් තනතුරට තරග කළ නිශාන්ති ලියනගේ ඡන්ද 13ක් ලබාගත් අතර, ඇය සමඟ තරග කළ සුභානි උඩවත්තට හිමිවූයේ ඡන්ද 11ක් පමණි. භාණ්ඩාගාරික තනතුරට ඉදිරිපත්වූ බී. ඩී සුමිත්‍රා හා උප භාණ්ඩාගාරික තනතුරට සී.එස් ආර් තෙන්නකෝන් ද පත්ව තිබුනේ නිතරගයෙනි.
