Features

දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය

දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය
  • PublishedSeptember 19, 2025

තම ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය දැනගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද අලුයම මෙරටට පැමිණි දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රියේ නැවතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර තරග වටය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට බංගලාදේශය සමඟ තරඟ වැදීමට සූදානමින් පසුවෙද්දී කණ්ඩායමට දුනිත් ගේ සේවය අවශ්‍යම අවස්ථාවක් ලෙසයි කණ්ඩායම් කළමනාකාරීත්වය පවසන්නේ. ඒ අනුව තම පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා , රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා හෙට උදෑසන කණ්ඩායම සමග එක්වීමට දුනිත් තීරණය කොට තිබෙනවා.