ඊයේ (10) ආරම්භ වූ කැරබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ පලමු තරගයෙන් ලකුණු 59 ක පහසු ජයක් අත් කරගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරන බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු පන්දුවාර 3ක් යවමින් නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 7 කට කඩුලු හතරක් දවා ගන්නටයි සමත් වුණේ. පන්දුවට පහර දෙමින් ලකුණු 17ක් තම කණ්ඩායමට එක් කිරීමටද ඇයට හැකියාව ලැබුණා. මේ දක්ෂතාවය නිසාම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේද චමරි අතපත්තුයි.